දහම් පාසළ --1 කොටස..



pic from-http://successlanka.org/images/hd/DSC00141.JPG
දහම් පාසළ....මගේ ජීවිතේ ගොඩක් රසබර මතකයන් ගොන්නක් පොදි ගැහුනු දොරමඬලාවක් තමයි..මගේ දහම් පාසළ

ඇත්තටම...අපි ඔකෙ අතුලෙ කළ කී දැ නම් කොපමණනම් තියේද..?කොච්චර නම් දඩබ්බර දේවල් කලාද...?

එහෙම බැලුවොත් අද නම් මම පටටම පට්ට අහින්සකයෙක්.....හී..

දැන්නම් පන්සලට අලුත්ම අලුත් ධර්ම ශාලාවක් තිබුනට මොකෝ.ඒකාලෙ නම් ඒ කියන්නේ 1990 දශකයේ තිබුනේ පැරණි පන්නයේ සුවිසල් , නමුත් ප්‍රසන්න ධර්මශාලවක්..

ඔකේ තමයි ඉතින් එකේ ඉඳන් එකොළහට යනකන්ම පුංචි එවුනුයි ,මහ එවුනුයි....රොත්ත....බුරුත්තම දාගෙන ගුරුවරු ඉගැන්වීම් කලේ...
ඇත්තටම උදේ අටේ ඉඳන් දොළහ වෙනකන් පැය හතර ඇතුලත...අපි... එකේ ඉඳන් එකොළහට යනකන් විෂය නිර්දේශය ඉගෙන ගත්තා...

ඒ මොකද කිව්වොත් එක වසරේ පොඩි එකා කියන සාම ජාතකය වගේම දෙක වසරේ පොඩි එකා කියන රාහුල පොඩි පුතා පියා දකිනු සිතා...වගේම පහ වසරේ පන්තියෙ තියෙන නලපාන ජාතකෙත් ඒ අස්සෙම නෑහුනා නෙවෙයි...
ඔක්කොටම වඩා එපා වෙන්නෙ අට නමය  වසරවල කොල්ලො කෙල්ලො තුන් සුත්‍රෙ කියනකොටනේ....මොකද මුන් කියන පිරිත් බාගෙට බාගයක් වැරදියි.පොත බලාගෙනවත් හරියට කියන්නේ නැහනේ.....ඒ වෙලාවටනම් සුපිරි නිදිමතක් එනවා...හිටගෙන උනත් බුදිය ගත්ත ඇහකි....හී..

එකොලහ වසරෙ එවුනුත් ඊටම දෙවෙනි නැහැ....බෞද්ධ සංස්කෘතියයි...බුද්ධ චරිතයයි...පාලියි ,සංස්කෘතයි.....දුඛ්ක දොමනස්ස අසංකාරික කුසල් සිත්..අවිජ්ජා පච්චයා..සංඛාරා....
අනෙ මන්දා...තව ගොඩක් දේවල්.....
ඔන්න ඔහොමයි අපේ පන්සලේ ධර්ම ශාලාව...

ඔන්න ඔය බණ පොත් , වන පොත් ,ත්‍රිපිටක ,ධර්ම සාකච්චා අස්සෙ අපි කරපු කියපු පිස්සු වැඩ කෝටියයි...අපේ දහම් පාසලෙන් මම කතාකරන්නෙ ඔව ගැන තමයි.....

ප ලි..
මට තව පුංචි ආසවක් ආවා....දෙකේ පන්තියෙ...අදටත් මම ආස..කරන කවියක්...මේකත් දාලම පොස්ට් එක ඉවර කරන්නම්...දහම් පාසල දෙවෙනි කොටසින් හමුවෙමු...

මම මේක ලියන්නෙ අවුරුදු දහ අටක අතීතයට ගිහිල්ල..දැන් නම් හරියට මතකත් නැහැ...වැරදි ඇතොත් දන්වන්න...

රාහුල පොඩි පුතා...
පියා දකිනු සිතා
පාර දිහා බලා....
ගියා එහා මෙහා...

සිරිපා බිම තිය තියා
වඩිනා හැටි බුදුපියා..
රාහුල පුතු බලන් හිටියෙ
ආසාවෙන් නෙත් අයා.....

තෑගි ගන්න සිත සිතා ....
කියමින් සුරතල් කතා....
බුදු හිමිගේ අත අල්ලන්
ගියේය රාහුල පුතා.....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz