හිතේ ඇඳුනු පද වැල්....-1

මගෙ සිත් බැදි සිතිවිලි අහස් කුසට මුසු කරන්න මම තොරාගත් තැන් කිහිපයක්ම තියෙනවා...
එළිමහනෙ අව් සැර විදිමින් උණවටුනා වෙරළ තීරයෙ හරි.. ගාළු කොටු පවුර අසබඩ Lady sea bath එක හරි එකට හොද තො තැන්නක්.......හැබැයි එහෙම යන්නෙ යාලුවෙක් දෙන්නෙක් set වෙච්ච වෙලාවට තමයි.මොකද මූදු හුල0 එක්ක shot එක double වෙලානෙ වදින්නෙ.....ඔය කාමර ඇතුලෙ දොරවල් වහගෙන shot එක දානවට වඩා ....ඔය වගෙ තැනක ඔය වැඩෙ කරන්න පුලුවන්නම්......ඇත්තටම මාරම මාර fun.
එ වගේම තමයි...හවස් වරුවෙ ගොම්මන වැටුනහම ගාළු සමුදුර පියවරත් එකට කියපු pot එකක් තමයි. මුදු ඉමෙ ගිලා බහින්න වෙර තනන ඉර දිහා බලගෙන..තනියෙන් දාගන්නකොට …..
තමන්ගෙ හිතට එන සිතිවිලි වලට උත්තර දෙන්න , එන සිතිවිලි බිදින්න යාලුවෙක් නැති උනාම...වක්කඩ කැඩුවා...වගෙ....අතීත සිතිවිලි කරපු කියපු දැ ඔක්කොම මතක් වෙනවා...
මට නම් එ දවසට ඔලුවට පුදුම සනීපයක් දැනෙන්නෙ......
මගෙ ප්රශ්න වලට උත්තර දෙන්න කවුරුවත් නැති උනාම අන්තිමෙ මමම එවට උත්තර හොයාගෙන.....මගෙ බයිසිකල් කටුවත් පැදගෙන රැ හඳ දිහා බලා ගෙනම ගෙදර එනවා............
ඔන්න ඔහොමයි මගෙ ලොකෙ සමහර දවස්....
ඔහොම ගිහින් ආපු දවසක රැ තමයි මම මේ කවිය ලිව්වෙ....


තනිකම අදුර දුරුකර සිත් ගිමන් හලේ......
පෙන පිඩු දැවටි දැවටී සිත් පහන් කලේ....
සති අග හමට ගොස් නුඹ ලඟ නිරන්තරේ.....
දැවටී සිටින්නෙ කිමදැයි මට නොහැඟේ.....

සමුදුර පියවරෙ රැ ගොම්මන් අදුරේ.....
බීර පහස තොල් අග රැඳෙමින් නිබඳේ......
හිත් තුල හැඟුම් දියකර රැළි කැටි අතරේ.......
විඳිනෙමි පහස මා තනියම නිරන්තරේ……

දැනෙනවා ජීවිතේ විඳි කම් කටොළු ගැන.....
දහසක් පැතුම් සිත ඇතුලේ… ගිගුම් දෙන....
සයුරු රළට පවසා.... සිත සිහිල් කර....
ආපසු හැරෙමි සිත සතුටෙන් නිරන්තර....
SmileyCentral.com
SmileyCentral.com
කවිය හොඳද නරකද කියලා නම් දන්නෙ නැහැ.....ඔයලම කියන්නකො හොඳද නරකද කියලා
comment එකක් දාලම ....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

මට කෙල..වූ....paypal -2

ඔන්න මම "මට කෙල..වූ....paypal -1 " න් පස්සෙ මේකට ආවා...ගොඩක් තව ලියන්න තීනව....විකාර ලිය ලිය ඉන්න බැහැ...



මම අර කිව්ව sign up එකෙන් පස්සෙ ඔයාලා හරියට sign up උනානම් පල්ලෙහා ඔය තීනවා වගෙ page එකක් එයි..sandbox sign up complete උනා කියලා... ...පස්සෙ ඔය paypal sand box කියලා image එකක් තීන්නෙ ...ඔක click කරලා paypal sandbox ,home page එකට රි0ගන්නකො….



දැන් member login එකෙන් log වෙලා..ඔයා buyer account එකට අවශ්ය ඔයාගෙ testing account එකට අවශ්ය මුදල දාලා .වැඩිම $ 10000 මතක හැටියට.
පස්සෙ ඔයාට අවශ්ය credit card වර්ගයත් තොරගෙන credit card numbers සහ csv numbers ලබාගෙන ඊට අමතරව paypal ලා දෙන buyer's testing e mail address සහ pasword ලබාගෙන buyer account එකට අවශ්ය සුදුසුකම් සපුරා ගන්න...ඔය විදියටම paypal merchant account එකටත් කරන්න..
දැන් test account link එක click කරලා "Enter Sandbox Test Site" කියන button එකෙන් paypal account site එකට යන්න.....මෙකෙදි ඔය buyer කෙනෙක් නම් paypal ලා දුන්නු buyer testing mail , password details පාවිච්චි කරන්න...පස්සෙ site එකට රිOගගන්න....
ඔය විදියටම paypal merchant account එකටත් කරන්න.
හැබැයි browser එක්කදි tab දෙකක තියාගෙන account දෙකම load karanna එපා.browser වර්ග දෙකක් පවිච්චි කරන්න.(firefox vs opera or IExplorer)account දෙකට මොකද session case නිසා ඔයා හිර වෙන්න පුලුවන්..
තවම මම paypal එකෙ 5% ක් වත් ඉවර නැහැ..මෙහෙම කාරොත් මෙ කපෙදි මෙක ඉවර කරන්නත් බැහැ...
"මට කෙල..වූ....paypal -3 " න් මම coding කරන හැටි කියන්නම්....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

හිත ගත් ගීයක් -1.

මේ සින්දුව මම ඇහුවෙ වෙන මොකකින් වත් නෙවේ...මගෙම phone එකෙන්....දැන් මාස දෙකක් විතර වෙනවා... අරගෙන මගුල ගත්තා වගෙ නෙවෙ...
පහුගිය මාස දෙකෙ..හිටියෙ කෑවෙ බිව්වෙ බොඩිමෙ කොල්ලොන්ගෙනුයි ඔෆිස් එකෙ එවුන්ගෙනුයි ණයට ඉල්ලගෙන තමයි..එක නිසාම මගෙ ඇගෙ කටුත් පැ...දුනා...බඩ පිරෙන්නා කන්නවත් උනෙ නැහැ.. දන්නවා කරේ මොඩ වැඩක් ...එ වුනාට... ගන්න එක හොද එකක් ගන්න එපැයි...
වෙලාවට ඔකෙ තිබුන සින්දු වල ගොඩක් තිබුනෙ අමරසිරි පීරිස් මත්තයගෙ සින්දු… තව පරණ සිර සින්දු ගොඩක් තියෙනවා...එ අතර තිබුන වඩාත් සිරා සින්දුවක් තමයි මේක..අහලම බලන්නකො.... මාරම ලස්සන පද වැලක්........

ම ගේ පුතෙ නුඹට… මO කොහොමට දොසක් කියන්නද...?
උඹ උඹෙ ලොවෙ කිරුලු පැලැන්දට…..
වෙන බසක් දෙඩූ…වට… රතු තිලක තියූ…වට
මO අමනාප උනත් ……..
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද........?


පිච්ච මල් රටා පිසලන
පිච්ච මල් ඉනා පළදින
ඇය ඇවිත් නුඹෙ සෙවනැල්ලෙ සෙවණ ලබන විට …
එ උණුසුමෙ ජාති ජන්ම ලියා තියෙනවද....

මගෙ පුතෙ නුඹට මO කොහොමට දොසක් කියන්නද...?
උඹ උඹෙ ලොවෙ කිරුලු පැලැන්දට…..
වෙන බසක් දෙඩූ…වට… රතු තිලක තියූ…වට
මO අමනාප උනත් …
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද........?

පුOචි කැදැල්ලෙ ....සිරිකත ...මෙන්න ඈ ඇවිත් කුලගෙට
නුඹගෙ කියූ කිරි කැටියගෙ හිනා දකින විට...
එ සිනහවෙ ජාති ජන්ම ලිය තියෙනවද?

මගෙ පුතෙ නුඹට මO කොහොමට දොසක් කියන්නද...?
උඹ උඹෙ ලොවෙ කිරුලු පැලැන්දට…..
වෙන බසක් දෙඩූ…වට… රතු තිලක තියූ…වට
මO අමනාප උනත් …
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද........?

අහන්න ආස නම් click කරන්න
අහන්න
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

මට කෙල..වූ....paypal -1

මෙහෙමයි ....මම job එකට ගිය අලුත වගෙ තමයි මේ seen එක.....ගිහිල්ලා මාසයක් විතර ඇති ඔ..නනම්...
ඇරත් ගියේ trainee web developer විදියට....
මට අපෙ boss කිව්වා..එයලගෙ client කෙනෙක්ගෙ site එකට paypal payment gateway එක integrate කරලා දෙන්න කියලා...
මම ඔක අහල තිබුනට කරන්නෙ කොහොමද කියලා නම්...දැනගෙන හිටියෙ නැහැ....කොහොම උනත් දුන්නු වැඩෙ කරන්න එපැ..යි....හික්..ස්.
ඔය shopping cart එක තිබුන site එකෙ තිබුනෙ..JetPay කියලා payment gateway එකක්...ගොඩක් රටවල් වලට support කරන්නෙ නැති නිසාත්..transactions පරක්කු වෙන නිසාත්...තමයි...මට paypal දාන්න කිව්වෙ....

කොහොම උනත් paypal ලුත් සිරි ලOකාවට support කරන්නෙ නැහැනෙ....
එක පිටරට site එකක් නිසා ලොකු effect එකක් නොවෙන වග තමයි ...බොස් කිව්වෙ....එහෙනම් ඉතින් මට මොකො කියලා...මමත් පටන් ගත්තා paypal selfstudiයක් දාන්න.

යන්තo සන්තo.... E book දෙක තුනකුත් කියවලා ....paypal site එක වටෙ තුන් හතර පාරක් ගිහිල්ලා google search පාරකුත් දාලා...තව forum කීපයකුත් කියවලා වැඩෙට enter උනා
දැන් අහන්නෙපා වටෙ ගියෙ ඇයි කියලා ....
(මොකද මට paypal merchant account එකක් වත් paypal buyer account එකක් වත් ....මොන මළ දානයක් වත් තිබුනෙ නැති නිසා .....)
මොකද මේ දෙකෙන් එකක් වත් තියෙන්න ඔන paypal site එකට රිoග ගන්න..මෙ මොනවත් නැති නිසා මට එපා වෙලා හිටියෙ.....මගුල ....

කොහොම උනත් paypal ලා දෙනවා testing environment එකක් අපි වගෙ developers ලට testing transactions කරන්න....මේකත් හරියට paypal real site එක වගෙම තමයි..(පුන්චි පුන්චි වෙනස්කම් නැතුවම නෙවේ...හි:)
paypal sandbox කියන්නෙ ඔ..කට තමයි..
මෙන්න link එක ඔක්කොටම ඉස්සෙල්ලා sign up වෙන්න ..නැත්නම් මොන රෙද්දක් වත් කොරන්න බැහැ...
https://developer.paypal.com/devscr?cmd=_signup-run
link එක දැක්කහම මොනවත් හිතුනෙ නැද්ද..?(https :)නෙ
http සහ https අතරෙ ලොකු වෙනසක් තීනවා..පස්සෙ post එකක ඒකත් දාන්නම්කො....
ඊට කලින් testing කරන්න buyer එකටයි merchent එකටයි mail දෙකක් හදා ගන්න..(google or yahoo) මොකද mail adresses ඔන login වෙන්න....
පස්සෙ තමන්ගෙ කියලා merchant account එකකුයි ...buyer account එකකුයි...හදා ගන්න...
ඔකෙ තීනවා testing visa/master card/american express card හදාගන්න හැටි.testing credit card numbers එයලා දෙනවා ...අපිට use කරන්න...
හැබැයි real paypal site එකෙ මෙවා use කරන්න එපා..e mail addresses block කරාවි....හොදෙ...

තව තීනවා " මට කෙල..වූ....paypal part 2 " එකෙන් එවා කියන්නම්....

මෙන්න paypal හොද E book ටිකක් බාගෙනම කියවන්නකො...
බා නව නම් පොතක්
තව පොතක්
ඇයි තව පොතක්



මට කෙල..වූ....paypal part 2 න් හමු වෙමු ...
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

අනෙ පෙට්ටය කැඩුනා අයියෙ.....

මේක නම් ඔන්න 18 න් ඉහළ එවුන්ට විතරයි...ඔන්....පස්සෙ කියන්නෙපා...චික්...‍‍යීයා කියලා...
හොදේ....හික්..ස්..

මේක උනෙත්..පාමසියෙදිම...තමා....
මේක නම් කොලඹ පාමසියෙදි නෙමෙ....සීන් එක උනෙ ගාල්ලෙ පාමසියෙදි....මොකො මමත් ගාල්ලෙ..කොල්ලෙක් නොවැ..
අපෙ මුතුන් මිත්තො..."වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කිව්වෙ කට කහනවට....නෙවෙයි..නෙ..

දවසක් පාමසියෙ යමරෙට වැඩ වෙලාවක...එ කියන්නෙ හවස 6.00 ට 7.00 ට විතර...
අය්යයි මමයි තරගෙට බෙහෙත් තුන්ඩු දානවා..ඔන්න මට පේනවා..කොල්ලො දෙන්නෙක් අරෙහෙන් එබෙනවා...එහෙන් එබෙනවා...මෙහෙන් එබෙනවා...උන් දෙන්නත් පුන්චි යුද්දයක් එතන...
හැබැයි...මට තෙරුනා...මුන් හොයන්නෙ අයියා නෙමෙ...මාව....
මට නම් ටාo..ගාලා තෙරුනා...මුන් දෙන්නා..එන්නෙ හොදකට නෙමෙ...කියලා...
මමත් හීන් සීරුවෙ ලගට ගිහින් ඇහුවා...

මම : මොකො...මචන්...
අරුන් : ම්ම් ..මෙ ..මෙ...නැ අයියෙ..කොන්ඩම් එකක් ගන්න පුලුවන්ද ..?
මම : හ්ම්ම් ඔව් දෙන්නම් මොකක් ද ඔන...ප්‍රීති..සතුට ...
(මුන් දෙන්නා මුනට මුන බලගෙන ඉන්නෙ මොකක් ගන්නද කියල හිත ගන්න බැරුවයි..)

මම : මල්ලි කියන්න මල්ලි අපිට පරක්කු වෙනවා...

අරුන් : ඔන්න හොද එකක් දෙන්න අය්යෙ...

ඔන්න ඉතින් මම මුන් දෙන්නාට කොන්ඩම් එකක් දුන්නා..
ඔන්න ඉතින් මුන් දෙන්නා එතනින් ගියෙ..හරියට කුඩවකින්...නිදහස් කරපු කුරුල්ලු දෙන්නෙක් වගෙ....මාරම
මාර හැපි එකෙ ....ලොකෙ ලොකුම වස්තුව උන් දෙන්නාට ලැබුනා වගෙ....හික්ස්..

(ඔන්න ඔහොම සතියක් විතර ගියා....කියමුකො...)

ඔන්න මේ වාහෙලා ....දෙන්නා ආයෙම පාමසියට එනවා....මමත් ඩිම් උනා...දෙයියනෙ....මුන්ට මේක ඇබ්බැහි වෙලාද කියල..
හැබයි අද නම් හිනා මූන නැහැ ..ටිකක් විතර dangerous වගේ...

මමත් ඇහුවා...
මම : අද මොකො මල්ලි ....
අරුන් :අයියෙ මාර case එකනෙ....ඇතුලෙ ලීක් උනානෙ...
මම :මොකක්...ඉතින් එකනෙ බන් ..උඹලට කොන්ඩම් දුන්නෙ...
අරුන් :මාර වැඩෙ අයියෙ ..එක හිල් වෙලනෙ...
"මෙ බුරුවන්ගෙ විසෙට එකත් හිල් කරගෙන...මුන්ට වෙනම compounds දාලා..අමුතු ජතියෙ එකක් තමයි හදන්න වෙන්නෙ...." මම මටම කියා ගත්තා...
මම : දැන් මොනව කරන්නද ....දැන් කරන්න දෙයක් නැහැ මල්ලි...
(මමත් බොරුවට කිව්වා..මුන් දෙන්න බය කරන්න...ඒත්..අනෙ මුන් දෙන්නට දාපු දාඩිය පොල්ල දැකලා මටත් දුක හිතුනා... )
අරුන් :අනෙ අය්යෙ මුකුත්ම නැද්ද ...මගෙ කෙල්ල ...අය්යෙ ....
(අප්පට සිරි මුගෙ කෙල්ලලු....දැන් නම් මොනව හරි කරන්නම එපායැ...)
මම : හ්ම් කමක් නැහැ...මේක ගනින් ....
(මමත් බොරුවට හොයන්න වගෙ...බෙහෙත් ගොඩ අවුස්සල අවුස්සල..postinor එකක් දුන්නා..)..
අරුන් :අනෙ thanks අය්යෙ..පින් සිද්ද වෙ..නො.. කරපු උදව්වට..
මම : හා හා ඉතින් පොඩ්ඩක් හිටපන් ...මම කිව්වෙ නැහැනෙ ඔක ගන්න විදිය..
අරුන් : හා ඒකත් ඇත්තනෙ...
මම : මෙහෙමයි මල්ලි ..දන් ඔය සීන් එක වෙලා දවස් කීයද..?
අරුන් : ඊයෙ අයියෙ...
මම : හ්ම්ම් ...එහෙනම් අදට දවස් දෙකයි නෙ වාහෙ..
අරුන් : ඔව් අය්යෙ ...
(තොපිලනම් ගොන් නපුන්සකයො...වල් වැඩ කරනව මදිවට ..කෙල්ලොත් අනාත කරනවා....මම මටම කිය ගත්ත...)
මම : අදම ගිහින් දියන් මේක..එක පෙත්තක් බොන්න දීපන්...ඊට හරියටම පැය 12 කට පස්සෙ අනිත් පෙත්ත ගන්න කියපන්..ඔක හරිනම් දවස් තුනක් වෙන්න කලින් බොන්න ඔන...ඔලුවෙ කකුම හැදෙයි...පොඩ්ඩක් ...සමහරවිට ඔක්කාරෙට එයි ....මෙ pain killers දෙකත් බොන්න කියපන්...

මට සල්ලි ගෙවල උන් දෙන්න නම් ගියා....

පව් අහින්සක අම්මල තාත්තල..දාඩිය මහන්සියෙන් හොයන සල්ලි වලින්නෙ මුන් ආතල් ගන්නෙ...නරුමයො...ඔය වගෙ කෙල්ලොත් එකඉ කොල්ලොත් එකයි....

මම මෙ post එක ලියන්නෙ හොදට හිතල බලලා...
මුන් නරුමයො උනාට මුන්ගෙ අම්මල තාත්තල අහින්සක මිනිස්සුනෙ....එ අයගෙ මුනෙ දැලි ගනව කියන්නෙ මහා පාප කර්මයක්නෙ...ගමේ මිනිස්සු මොනවා නොකියයි ද ... ? මහ මිනිස්සු දෙන්නට වහ බොන්නයි වෙන්නෙ මේ වගෙ කෙල්ලො නිසා...


ප :ලි :: මෙ drugs එක තමයි levonorgestrel කියන්නෙ. pills(පෙති) 2 ක් තියනවා. එක මාත්‍රාවක(dose) levonorgestrel 1.5 mg අඩ0ගු වෙනවා.emergency contraception drug එකක් (හදිසි උපත් පාලක)

කියවලා සතුටු නම් comment එකක් දාන්න..ඔය වගෙ අමාරුවෙ වැටිච්ච එකෙක් බේරන්න , මේක ඔයලට උදව් වේවි.කොරන්න දෙයක් නැහැ ලි0ගිකත්වය කියන්නෙ ස්වබාවික ස0සිද්දියක් නොවැ ...හී :
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

බඩ දැවිල්ලද..? එහෙනම් බාගයක් බොන්න...

මේක උනේ මම Pharmacy යන්න පටන් ගත්ත මුල්ම මාසෙ....
පට්ට ලොකු සීන් එකක් නම් නෙමේ...එ උනාට ටිකක් විතර සීන් එකක්....

මම ඉතින් ඔය බෙහෙත් කෙරුවාවට..ගියපු අලුත නෙ...මෙලො මගුලක් තෙරෙන්නෙ නැහැ..එක එක ඩොකාලගෙ බෙහෙත් තුන්ඩු තේරෙන්නෙත් නැහැ...ඇයි..මුන්ගෙ අකුරු පරනවිතාන මහත්තයටත් එහානෙ...එ අකුරු බලන්න ඉතින් වෙනම course එකක් කොරන්න ඔන.

මම ඉතින් මුල් දවස් වල නිසා,වැඩිය customers ල ඉස්සරහට යන්නෙත් නැහැ.මොකො බේත් ජාති අදුනන එකක්යැ..එත් ඉතින් බැද ගත්ත බෙරේ ගහන්නත් එපායැ..

එ කොහොම උනත් phamacy එකෙ අක්කා එ අස්සෙ කියනවා.මල්ලි ඔය තුන්ඩුව බලන්න.මෙ තුන්ඩුව බලන්න..මෙකෙන් පෙති 50 ක් ගනන් කරන්න.අර syrup එක ගන්න.මේකෙන් පෙති 5 ක් කපන්න.
අනෙ ඉතින් එක යමර යුද්දයයි.මමත් ඉතින් ගිරේට අහුවෙච්ච මොකක්ද එක වගෙ.එහෙට දුවනවා....මෙහෙට දුවනවා..එක කරනවා.මේක කරනවා. මාර මහන්සියි.

ඔන්න සෙනග වැඩි වෙච්ච වෙලාවක ඉතින් අක්ක කියාපි.."මල්ලි මෙන්න මෙ බෙහෙත් තුන්ඩුව දාන්න"
මමත් ඉතින් බෑ කියන්න බැරි කමට ගත්ත තුන්ඩුව... දාගෙන දාගෙන ගියා බෙහෙත් ටික..පොර සේ ගනනත් හදලා.සල්ලිත් අරගෙන customer ව shape එකෙ යැව්වා යන මල දානෙක පලයන් කියලා."මෙන්න sir බෙහෙත් ටික ගන්න විදිය ලියල ඇති..".
කියන ගමන් අනෙ ඉතින් මම අහින්සක පනාවක් දැම්ම :හී කියලා...
ඇයි එකට කියන්නෙ මොකක්ද අර "customer care" කියලනෙ...නෙ


ඔන්න ටික වෙලාවක් ගියාම අක්කට මම දාපු තුන්ඩුව මතක් උනා.
ආ .....මල්....ලි ඔයා...මොනවද දාපු...බෙහෙත්......

අනිවා මම දන්නවා අක්කා ඔක අහනවා කියලා..
මමත් කිව්වා පොර වගේ ...
Amoxycillin කරල් 15 එක ගානෙ තුන් පාරයි..ම්..
තව Omerprazole කරල් 7 උදේට බාගයයි රැට බාගයයි..
තව Diclofenac Sodium උදේට එකයි රැට එකයි..

මොකක් ....අක්කා ගත් කටටම අහපි....
මම "ඇයි ?" කියලා ගත් කටටම කියපි ...
"අනෙ ගොනො...omerprazole" බාග ...බාග දෙන්නෙ නැහැ එක කරලක්නෙ.. දැන් ඔය මනුස්සය තව ලෙඩක් හදා ගන්නවා කරල ගලව ගන්න ගිහිල්ලා ...අනෙ ඉතින් මමත් දුන්නනෙ බෙහෙත් තුන්ඩුවක් මෙයාට...හ්ක් ..කියල ගස්සගෙන තව මොනමොනවද කිය කිය එහාට ගියා..
අනෙ මගෙ හොද වෙලාවට..එවා ඇහුනෙ නැත්තෙ ....ඇහුනනම් ඔO ...එදා තමයි pharmacy ජිවිතෙ අවසාන දවස....හික්..ස්..

හැබැයි..එදායින් පස්සෙ..අක්ක ගෙන් බෙහෙත් තුන්ඩුවක් බලෙන් ඉල්ලුවත් දෙනවා බොරු...
....


ප ලි : ඔ..නම තුන්ඩුවක(Prescription) ඔයලා දැකලා ඇති tds ,bd හො daily කියලා..
tds කියන්නෙ දවසට තුන් සැරයක් කියල..
bd කියන්නෙ දවසට දෙසැරයක් කියල..
daily කියන්නෙ දවසටම එකක් කියල..

ගොඩක් වෙලාවට antibiotics ,pain killers වගෙ drugs බොන්න කියන්නෙ කැමෙන් පස්සෙ ..එත්කොට බෙහෙත කෙලින්ම බඩවැලට වදින්නෙ නැහනෙ...කැම එක්කනෙ එකත් digest (ජීර්නය) වෙන්නෙ ...

ඔය omerprazole කරල දෙන්නෙ ගොඩක් වෙලාවට antibiotics (amoxycillin,cephelexin ,ciprofloxacin) ,pain killers(diclofenac Na+ , diclofenac K+,tramadol hcl) වගෙ බෙහෙත් දුන්නු වෙලවට තමයි ..මොකද එවා වලින් බඩ දැවිල්ල එනවා omerprazole හරි esemaprazole හරි Proton pump inhibiter එකකින් (gastric acid නැත්නම් H+ පිටවීම නිශෙදකය )මගින් එක අඩු කරල සහනයක් ගෙන දෙනවා.....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz