Showing posts with label බෙහෙත්. Show all posts
Showing posts with label බෙහෙත්. Show all posts

අනෙ පෙට්ටය කැඩුනා අයියෙ.....

මේක නම් ඔන්න 18 න් ඉහළ එවුන්ට විතරයි...ඔන්....පස්සෙ කියන්නෙපා...චික්...‍‍යීයා කියලා...
හොදේ....හික්..ස්..

මේක උනෙත්..පාමසියෙදිම...තමා....
මේක නම් කොලඹ පාමසියෙදි නෙමෙ....සීන් එක උනෙ ගාල්ලෙ පාමසියෙදි....මොකො මමත් ගාල්ලෙ..කොල්ලෙක් නොවැ..
අපෙ මුතුන් මිත්තො..."වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කිව්වෙ කට කහනවට....නෙවෙයි..නෙ..

දවසක් පාමසියෙ යමරෙට වැඩ වෙලාවක...එ කියන්නෙ හවස 6.00 ට 7.00 ට විතර...
අය්යයි මමයි තරගෙට බෙහෙත් තුන්ඩු දානවා..ඔන්න මට පේනවා..කොල්ලො දෙන්නෙක් අරෙහෙන් එබෙනවා...එහෙන් එබෙනවා...මෙහෙන් එබෙනවා...උන් දෙන්නත් පුන්චි යුද්දයක් එතන...
හැබැයි...මට තෙරුනා...මුන් හොයන්නෙ අයියා නෙමෙ...මාව....
මට නම් ටාo..ගාලා තෙරුනා...මුන් දෙන්නා..එන්නෙ හොදකට නෙමෙ...කියලා...
මමත් හීන් සීරුවෙ ලගට ගිහින් ඇහුවා...

මම : මොකො...මචන්...
අරුන් : ම්ම් ..මෙ ..මෙ...නැ අයියෙ..කොන්ඩම් එකක් ගන්න පුලුවන්ද ..?
මම : හ්ම්ම් ඔව් දෙන්නම් මොකක් ද ඔන...ප්‍රීති..සතුට ...
(මුන් දෙන්නා මුනට මුන බලගෙන ඉන්නෙ මොකක් ගන්නද කියල හිත ගන්න බැරුවයි..)

මම : මල්ලි කියන්න මල්ලි අපිට පරක්කු වෙනවා...

අරුන් : ඔන්න හොද එකක් දෙන්න අය්යෙ...

ඔන්න ඉතින් මම මුන් දෙන්නාට කොන්ඩම් එකක් දුන්නා..
ඔන්න ඉතින් මුන් දෙන්නා එතනින් ගියෙ..හරියට කුඩවකින්...නිදහස් කරපු කුරුල්ලු දෙන්නෙක් වගෙ....මාරම
මාර හැපි එකෙ ....ලොකෙ ලොකුම වස්තුව උන් දෙන්නාට ලැබුනා වගෙ....හික්ස්..

(ඔන්න ඔහොම සතියක් විතර ගියා....කියමුකො...)

ඔන්න මේ වාහෙලා ....දෙන්නා ආයෙම පාමසියට එනවා....මමත් ඩිම් උනා...දෙයියනෙ....මුන්ට මේක ඇබ්බැහි වෙලාද කියල..
හැබයි අද නම් හිනා මූන නැහැ ..ටිකක් විතර dangerous වගේ...

මමත් ඇහුවා...
මම : අද මොකො මල්ලි ....
අරුන් :අයියෙ මාර case එකනෙ....ඇතුලෙ ලීක් උනානෙ...
මම :මොකක්...ඉතින් එකනෙ බන් ..උඹලට කොන්ඩම් දුන්නෙ...
අරුන් :මාර වැඩෙ අයියෙ ..එක හිල් වෙලනෙ...
"මෙ බුරුවන්ගෙ විසෙට එකත් හිල් කරගෙන...මුන්ට වෙනම compounds දාලා..අමුතු ජතියෙ එකක් තමයි හදන්න වෙන්නෙ...." මම මටම කියා ගත්තා...
මම : දැන් මොනව කරන්නද ....දැන් කරන්න දෙයක් නැහැ මල්ලි...
(මමත් බොරුවට කිව්වා..මුන් දෙන්න බය කරන්න...ඒත්..අනෙ මුන් දෙන්නට දාපු දාඩිය පොල්ල දැකලා මටත් දුක හිතුනා... )
අරුන් :අනෙ අය්යෙ මුකුත්ම නැද්ද ...මගෙ කෙල්ල ...අය්යෙ ....
(අප්පට සිරි මුගෙ කෙල්ලලු....දැන් නම් මොනව හරි කරන්නම එපායැ...)
මම : හ්ම් කමක් නැහැ...මේක ගනින් ....
(මමත් බොරුවට හොයන්න වගෙ...බෙහෙත් ගොඩ අවුස්සල අවුස්සල..postinor එකක් දුන්නා..)..
අරුන් :අනෙ thanks අය්යෙ..පින් සිද්ද වෙ..නො.. කරපු උදව්වට..
මම : හා හා ඉතින් පොඩ්ඩක් හිටපන් ...මම කිව්වෙ නැහැනෙ ඔක ගන්න විදිය..
අරුන් : හා ඒකත් ඇත්තනෙ...
මම : මෙහෙමයි මල්ලි ..දන් ඔය සීන් එක වෙලා දවස් කීයද..?
අරුන් : ඊයෙ අයියෙ...
මම : හ්ම්ම් ...එහෙනම් අදට දවස් දෙකයි නෙ වාහෙ..
අරුන් : ඔව් අය්යෙ ...
(තොපිලනම් ගොන් නපුන්සකයො...වල් වැඩ කරනව මදිවට ..කෙල්ලොත් අනාත කරනවා....මම මටම කිය ගත්ත...)
මම : අදම ගිහින් දියන් මේක..එක පෙත්තක් බොන්න දීපන්...ඊට හරියටම පැය 12 කට පස්සෙ අනිත් පෙත්ත ගන්න කියපන්..ඔක හරිනම් දවස් තුනක් වෙන්න කලින් බොන්න ඔන...ඔලුවෙ කකුම හැදෙයි...පොඩ්ඩක් ...සමහරවිට ඔක්කාරෙට එයි ....මෙ pain killers දෙකත් බොන්න කියපන්...

මට සල්ලි ගෙවල උන් දෙන්න නම් ගියා....

පව් අහින්සක අම්මල තාත්තල..දාඩිය මහන්සියෙන් හොයන සල්ලි වලින්නෙ මුන් ආතල් ගන්නෙ...නරුමයො...ඔය වගෙ කෙල්ලොත් එකඉ කොල්ලොත් එකයි....

මම මෙ post එක ලියන්නෙ හොදට හිතල බලලා...
මුන් නරුමයො උනාට මුන්ගෙ අම්මල තාත්තල අහින්සක මිනිස්සුනෙ....එ අයගෙ මුනෙ දැලි ගනව කියන්නෙ මහා පාප කර්මයක්නෙ...ගමේ මිනිස්සු මොනවා නොකියයි ද ... ? මහ මිනිස්සු දෙන්නට වහ බොන්නයි වෙන්නෙ මේ වගෙ කෙල්ලො නිසා...


ප :ලි :: මෙ drugs එක තමයි levonorgestrel කියන්නෙ. pills(පෙති) 2 ක් තියනවා. එක මාත්‍රාවක(dose) levonorgestrel 1.5 mg අඩ0ගු වෙනවා.emergency contraception drug එකක් (හදිසි උපත් පාලක)

කියවලා සතුටු නම් comment එකක් දාන්න..ඔය වගෙ අමාරුවෙ වැටිච්ච එකෙක් බේරන්න , මේක ඔයලට උදව් වේවි.කොරන්න දෙයක් නැහැ ලි0ගිකත්වය කියන්නෙ ස්වබාවික ස0සිද්දියක් නොවැ ...හී :
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

බඩ දැවිල්ලද..? එහෙනම් බාගයක් බොන්න...

මේක උනේ මම Pharmacy යන්න පටන් ගත්ත මුල්ම මාසෙ....
පට්ට ලොකු සීන් එකක් නම් නෙමේ...එ උනාට ටිකක් විතර සීන් එකක්....

මම ඉතින් ඔය බෙහෙත් කෙරුවාවට..ගියපු අලුත නෙ...මෙලො මගුලක් තෙරෙන්නෙ නැහැ..එක එක ඩොකාලගෙ බෙහෙත් තුන්ඩු තේරෙන්නෙත් නැහැ...ඇයි..මුන්ගෙ අකුරු පරනවිතාන මහත්තයටත් එහානෙ...එ අකුරු බලන්න ඉතින් වෙනම course එකක් කොරන්න ඔන.

මම ඉතින් මුල් දවස් වල නිසා,වැඩිය customers ල ඉස්සරහට යන්නෙත් නැහැ.මොකො බේත් ජාති අදුනන එකක්යැ..එත් ඉතින් බැද ගත්ත බෙරේ ගහන්නත් එපායැ..

එ කොහොම උනත් phamacy එකෙ අක්කා එ අස්සෙ කියනවා.මල්ලි ඔය තුන්ඩුව බලන්න.මෙ තුන්ඩුව බලන්න..මෙකෙන් පෙති 50 ක් ගනන් කරන්න.අර syrup එක ගන්න.මේකෙන් පෙති 5 ක් කපන්න.
අනෙ ඉතින් එක යමර යුද්දයයි.මමත් ඉතින් ගිරේට අහුවෙච්ච මොකක්ද එක වගෙ.එහෙට දුවනවා....මෙහෙට දුවනවා..එක කරනවා.මේක කරනවා. මාර මහන්සියි.

ඔන්න සෙනග වැඩි වෙච්ච වෙලාවක ඉතින් අක්ක කියාපි.."මල්ලි මෙන්න මෙ බෙහෙත් තුන්ඩුව දාන්න"
මමත් ඉතින් බෑ කියන්න බැරි කමට ගත්ත තුන්ඩුව... දාගෙන දාගෙන ගියා බෙහෙත් ටික..පොර සේ ගනනත් හදලා.සල්ලිත් අරගෙන customer ව shape එකෙ යැව්වා යන මල දානෙක පලයන් කියලා."මෙන්න sir බෙහෙත් ටික ගන්න විදිය ලියල ඇති..".
කියන ගමන් අනෙ ඉතින් මම අහින්සක පනාවක් දැම්ම :හී කියලා...
ඇයි එකට කියන්නෙ මොකක්ද අර "customer care" කියලනෙ...නෙ


ඔන්න ටික වෙලාවක් ගියාම අක්කට මම දාපු තුන්ඩුව මතක් උනා.
ආ .....මල්....ලි ඔයා...මොනවද දාපු...බෙහෙත්......

අනිවා මම දන්නවා අක්කා ඔක අහනවා කියලා..
මමත් කිව්වා පොර වගේ ...
Amoxycillin කරල් 15 එක ගානෙ තුන් පාරයි..ම්..
තව Omerprazole කරල් 7 උදේට බාගයයි රැට බාගයයි..
තව Diclofenac Sodium උදේට එකයි රැට එකයි..

මොකක් ....අක්කා ගත් කටටම අහපි....
මම "ඇයි ?" කියලා ගත් කටටම කියපි ...
"අනෙ ගොනො...omerprazole" බාග ...බාග දෙන්නෙ නැහැ එක කරලක්නෙ.. දැන් ඔය මනුස්සය තව ලෙඩක් හදා ගන්නවා කරල ගලව ගන්න ගිහිල්ලා ...අනෙ ඉතින් මමත් දුන්නනෙ බෙහෙත් තුන්ඩුවක් මෙයාට...හ්ක් ..කියල ගස්සගෙන තව මොනමොනවද කිය කිය එහාට ගියා..
අනෙ මගෙ හොද වෙලාවට..එවා ඇහුනෙ නැත්තෙ ....ඇහුනනම් ඔO ...එදා තමයි pharmacy ජිවිතෙ අවසාන දවස....හික්..ස්..

හැබැයි..එදායින් පස්සෙ..අක්ක ගෙන් බෙහෙත් තුන්ඩුවක් බලෙන් ඉල්ලුවත් දෙනවා බොරු...
....


ප ලි : ඔ..නම තුන්ඩුවක(Prescription) ඔයලා දැකලා ඇති tds ,bd හො daily කියලා..
tds කියන්නෙ දවසට තුන් සැරයක් කියල..
bd කියන්නෙ දවසට දෙසැරයක් කියල..
daily කියන්නෙ දවසටම එකක් කියල..

ගොඩක් වෙලාවට antibiotics ,pain killers වගෙ drugs බොන්න කියන්නෙ කැමෙන් පස්සෙ ..එත්කොට බෙහෙත කෙලින්ම බඩවැලට වදින්නෙ නැහනෙ...කැම එක්කනෙ එකත් digest (ජීර්නය) වෙන්නෙ ...

ඔය omerprazole කරල දෙන්නෙ ගොඩක් වෙලාවට antibiotics (amoxycillin,cephelexin ,ciprofloxacin) ,pain killers(diclofenac Na+ , diclofenac K+,tramadol hcl) වගෙ බෙහෙත් දුන්නු වෙලවට තමයි ..මොකද එවා වලින් බඩ දැවිල්ල එනවා omerprazole හරි esemaprazole හරි Proton pump inhibiter එකකින් (gastric acid නැත්නම් H+ පිටවීම නිශෙදකය )මගින් එක අඩු කරල සහනයක් ගෙන දෙනවා.....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz