Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

ලොව ලස්සනම වචනය.....අම්මා...

අම්මා...

අම්මා.... ජීවිතේ ලස්සනම වචනය...
එහෙම නේද..?
හ්ම්ම්...මට නම් හිතෙන්නෙ මගේ මුවින් පිටවුනු සුන්දරතම වචනය මේක තමයි කියලා....
SmileyCentral.com
දස මසක් කුස තුල හොවා ලේ කිරි කර දුන් මගේ මව කියලා කීව්වට...ඇත්තටම මට කුසේ හිටිය එකවත් කිරි බීපු එකවත් මතක නැත්තේ..ඒ කාලෙ මං ගොඩක් පුංචි නිසා වෙන්න ඇති...
හැබැයි තාත්තා නම් කිව්වෙ මම මොන්ටිසොරි යන කොටත් කිරි බිව්වා කියලයි....
ඒ වුනාට මට බත් ඩිංග කවලා මාව උස් මහත් කරපු කරපු මාව තරුණයෙක් ජීවිතයේ නිසි මඟ යන්න පාර කියා දුන්නු..ලෙඩට දුකට පිහිට වුනු ඒ සුන්දර මුහුණ කොතරම් පියකරුද...? අපිව ජීව්තේ දුකින් ඉන්න වෙලාවට මාව හිනස්සපු ප්රශ්ණයක් ඇතිවුන වෙලාවට උත්තරයක් හොය දෙන්න මහන්සි ගත්තු ...වැරැද්දක් කරත් ආදරයෙන් පුතේ කියා අමතපු....ඒ සුන්දර වදන් කොහොම අමතක කරන්නද..?

දැනටත් එපා කියද්දිත් සති අන්තයෙ ගෙදර ගියහම ගෙනියන ඇඳුම් ගොඩ මටත් හොරා හෝදලා දාන ...සඳුදා පාන්දර නැගිටලා කොළඹ යන්න රෑටත් එක්ක බතක් උයා දෙන ඔබට මට අමතන්න .....අම්මා..කියන වචනයටත් වඩා වචනයක් ඇත්නම් ඒක මට කියන්න අම්මේ........

සඳුදා රෑට ගිලින කැකුළු බත් ඩ්ංග පිළුණු උනත් මම ගිලින්නෙ බත් රස නිසා නෙවෙයි ..අම්මෙ...උඹේ ආදරයේ රස විඳීමේ ආසවටයි.මොකද තව දවස් හතරක් යනකන් උඹේ ආදරයේ රස නොලැබෙන නිසයි...
මට දැනටත් කෙල්ලෙක්ව ලං කරගන්න හිතක් නැතිව ඇත්තෙ....ඔබ මට දක්වන ආදරේ තාමත් සොච්චමකින් වත් අඩු කරල නැති නිසා වෙන්න ඇති....එතකොට නම් හිතෙන්නෙ ඒ උඹේ ආදරේ තව පොඩ්ඩක් අඩු උනානම් හොඳයි...කියලා තමයි...

අම්මෙ මම උඹ වෙනුවෙන් කොච්චර කවි සින්දු ලියල ඇත්ද ?මට මතක හැටියට පුංචි කාලේ ලියපු කවි වල වැඩි පුරම තිබුනෙ අම්මා ගැනයි බුදුහාමුදුරුවො ගැනයි. ඒත් මොනව කරන්නද?ඒ කවි පොත් අවුරුද්දට පස් හය වතාවක් ගලන ගං වතුරට තෙත් බරිත උනානෙ..කොහොම උනත් මගේ පිනකටද කොහෙද මේ ලඟදි එයින් ඉතුරු වෙච්ච කවි පොතක් හම්බ උනා...
අම්මේ .....මේ ඔබ වෙනුවෙන් ලියූ මගේම ගීයක්........හැමදාමත් මට ආදරේ කළ.......හැමදාමත්...මියෙන තුරාවත්.....නිවන් දක්නා තුරුත්...මම ආදරය කරන මගේම අම්මාට...........

අම්මා..////
කිරි කැටි රන් දියරෙන් ලොව නහවා
නැළැවිලි ගීයෙන් මා හද තෙමුවා.......
ජීවිතයේ අම රසය විඳින්නට..
අත දුන්නේ ඔබමයි මගෙ අම්මා............

අම්මා......///

සිහින තොටිල්ලකි....රන් ඔන්චිල්ලකි....
නුඹේ උකුල මට රන් දෙවොලකි.....අම්මේ
ආදරයේ රස පහස කියාදී........
ජීවිතයේ අම මිහිර ලබාදී...
පෙරුම් පුරා නුඹ මගේම වීයන්...
ආදරියේ මගෙ මෑණියනේ.....//

අම්මා...////
කිරි කැටි රන් දියරෙන්........
නැළැවිලි ගීයෙන් මා හද තෙමුවා.......
ජීවිතයේ අම රසය විඳින්නට..
අත දුන්නේ නුඹමයි මගෙ අම්මා............

ඇට මස් මගෙ මුළු නහර සිසාරා.....
දිවයන්නේ නුඹෙ රුධිරය අම්මේ...
නුඹේ සුගුණ මට නිතර ලැබීයන් //
වඳිමි දෙපා බුදුවන අම්මේ.....
මම... වඳිමි දෙපා බුදුවන අම්මේ.....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

හිතේ ඇඳුනු පද වැල්....-1

මගෙ සිත් බැදි සිතිවිලි අහස් කුසට මුසු කරන්න මම තොරාගත් තැන් කිහිපයක්ම තියෙනවා...
එළිමහනෙ අව් සැර විදිමින් උණවටුනා වෙරළ තීරයෙ හරි.. ගාළු කොටු පවුර අසබඩ Lady sea bath එක හරි එකට හොද තො තැන්නක්.......හැබැයි එහෙම යන්නෙ යාලුවෙක් දෙන්නෙක් set වෙච්ච වෙලාවට තමයි.මොකද මූදු හුල0 එක්ක shot එක double වෙලානෙ වදින්නෙ.....ඔය කාමර ඇතුලෙ දොරවල් වහගෙන shot එක දානවට වඩා ....ඔය වගෙ තැනක ඔය වැඩෙ කරන්න පුලුවන්නම්......ඇත්තටම මාරම මාර fun.
එ වගේම තමයි...හවස් වරුවෙ ගොම්මන වැටුනහම ගාළු සමුදුර පියවරත් එකට කියපු pot එකක් තමයි. මුදු ඉමෙ ගිලා බහින්න වෙර තනන ඉර දිහා බලගෙන..තනියෙන් දාගන්නකොට …..
තමන්ගෙ හිතට එන සිතිවිලි වලට උත්තර දෙන්න , එන සිතිවිලි බිදින්න යාලුවෙක් නැති උනාම...වක්කඩ කැඩුවා...වගෙ....අතීත සිතිවිලි කරපු කියපු දැ ඔක්කොම මතක් වෙනවා...
මට නම් එ දවසට ඔලුවට පුදුම සනීපයක් දැනෙන්නෙ......
මගෙ ප්රශ්න වලට උත්තර දෙන්න කවුරුවත් නැති උනාම අන්තිමෙ මමම එවට උත්තර හොයාගෙන.....මගෙ බයිසිකල් කටුවත් පැදගෙන රැ හඳ දිහා බලා ගෙනම ගෙදර එනවා............
ඔන්න ඔහොමයි මගෙ ලොකෙ සමහර දවස්....
ඔහොම ගිහින් ආපු දවසක රැ තමයි මම මේ කවිය ලිව්වෙ....


තනිකම අදුර දුරුකර සිත් ගිමන් හලේ......
පෙන පිඩු දැවටි දැවටී සිත් පහන් කලේ....
සති අග හමට ගොස් නුඹ ලඟ නිරන්තරේ.....
දැවටී සිටින්නෙ කිමදැයි මට නොහැඟේ.....

සමුදුර පියවරෙ රැ ගොම්මන් අදුරේ.....
බීර පහස තොල් අග රැඳෙමින් නිබඳේ......
හිත් තුල හැඟුම් දියකර රැළි කැටි අතරේ.......
විඳිනෙමි පහස මා තනියම නිරන්තරේ……

දැනෙනවා ජීවිතේ විඳි කම් කටොළු ගැන.....
දහසක් පැතුම් සිත ඇතුලේ… ගිගුම් දෙන....
සයුරු රළට පවසා.... සිත සිහිල් කර....
ආපසු හැරෙමි සිත සතුටෙන් නිරන්තර....
SmileyCentral.com
SmileyCentral.com
කවිය හොඳද නරකද කියලා නම් දන්නෙ නැහැ.....ඔයලම කියන්නකො හොඳද නරකද කියලා
comment එකක් දාලම ....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

හිත ගත් ගීයක් -1.

මේ සින්දුව මම ඇහුවෙ වෙන මොකකින් වත් නෙවේ...මගෙම phone එකෙන්....දැන් මාස දෙකක් විතර වෙනවා... අරගෙන මගුල ගත්තා වගෙ නෙවෙ...
පහුගිය මාස දෙකෙ..හිටියෙ කෑවෙ බිව්වෙ බොඩිමෙ කොල්ලොන්ගෙනුයි ඔෆිස් එකෙ එවුන්ගෙනුයි ණයට ඉල්ලගෙන තමයි..එක නිසාම මගෙ ඇගෙ කටුත් පැ...දුනා...බඩ පිරෙන්නා කන්නවත් උනෙ නැහැ.. දන්නවා කරේ මොඩ වැඩක් ...එ වුනාට... ගන්න එක හොද එකක් ගන්න එපැයි...
වෙලාවට ඔකෙ තිබුන සින්දු වල ගොඩක් තිබුනෙ අමරසිරි පීරිස් මත්තයගෙ සින්දු… තව පරණ සිර සින්දු ගොඩක් තියෙනවා...එ අතර තිබුන වඩාත් සිරා සින්දුවක් තමයි මේක..අහලම බලන්නකො.... මාරම ලස්සන පද වැලක්........

ම ගේ පුතෙ නුඹට… මO කොහොමට දොසක් කියන්නද...?
උඹ උඹෙ ලොවෙ කිරුලු පැලැන්දට…..
වෙන බසක් දෙඩූ…වට… රතු තිලක තියූ…වට
මO අමනාප උනත් ……..
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද........?


පිච්ච මල් රටා පිසලන
පිච්ච මල් ඉනා පළදින
ඇය ඇවිත් නුඹෙ සෙවනැල්ලෙ සෙවණ ලබන විට …
එ උණුසුමෙ ජාති ජන්ම ලියා තියෙනවද....

මගෙ පුතෙ නුඹට මO කොහොමට දොසක් කියන්නද...?
උඹ උඹෙ ලොවෙ කිරුලු පැලැන්දට…..
වෙන බසක් දෙඩූ…වට… රතු තිලක තියූ…වට
මO අමනාප උනත් …
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද........?

පුOචි කැදැල්ලෙ ....සිරිකත ...මෙන්න ඈ ඇවිත් කුලගෙට
නුඹගෙ කියූ කිරි කැටියගෙ හිනා දකින විට...
එ සිනහවෙ ජාති ජන්ම ලිය තියෙනවද?

මගෙ පුතෙ නුඹට මO කොහොමට දොසක් කියන්නද...?
උඹ උඹෙ ලොවෙ කිරුලු පැලැන්දට…..
වෙන බසක් දෙඩූ…වට… රතු තිලක තියූ…වට
මO අමනාප උනත් …
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද........?

අහන්න ආස නම් click කරන්න
අහන්න
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz