Showing posts with label paypal. Show all posts
Showing posts with label paypal. Show all posts

මට කෙල..වූ....paypal -3 ( paypal ඉතිහාසය )

මමත් ගහෙන් ගෙඩි එන්න වගෙ paypal coding ගැන කියන්න යනවා.. paypal වල ඉතිහාසය ගැන වත් කියන්නෙ නැතිව.SmileyCentral.com
ඇත්තටම paypal කියන්නෙ ලෝක ආර්ථිකය උඩු යටිකුරු කරපු නිපැයුමක් කිව්වොත් නිවැරදියි..එමඟින් අන්තර්ජාලය ඔස්සේ විද්යුත් ආර්ථිකයට (e-commerce) අදාල මුදල් හුවමාරුව සිදුකරනු ලබයි.Online ගණුදෙණු වල සිට සාම්ප්රදයික ගනුදෙණු(චෙක් පත් ,මනි ඔඩර් ) වලට පවා මෙය සම්බන්ධ වේ.
paypal ගිණුමක් ආරම්භ කිරීමට බැංකුවකින් ලබා ගත් විද්යුත් ණයක්(electronic debit ) හෝ credit card එකක් තිබිය යුතුය.
paypal මඟින් විද්යුත් සැකසුම් , අන්තර්ජාල විකිණුම් කරුවන්ට මෙන්ම වෙන්දේසි වෙබ් සයිට් වලට සහ වෙනත් ව්යාපාරික කටයුතු උදෙසා නොමිලේම ලබ දීම සිදු කරයි.

නමුත් එමගින් යම් ගනුදෙනුවක හුවමාරු වන මුදලට සමානුපාතික මුදලක් ,යම් මුදලක් අය කර ගැනීම සිදු කරයි.එය සාධක කිහිපයක් මත බලපායි.
* . භාවිතා වන මුදල් ඒකකය .
* . ගණුදෙණු වර්ගය .
* . යවන්නාගේ රට .
* . ලබන්නාගේ රට .
* . යවනු ලබන මුදල් ප්රමාණය .
* . යවන්නාගේ /ලබන්නාගේ ගණුදෙනු වර්ගය .
තවත් බොහෝ දැ....
හප්පා.....බැලින්නම් මේ වාහෙලා හැම රෙද්දටම සල්ලි ගන්නවනෙ....(paypal එකේ developers ල ඔටුවො යැ අපි වගෙ කන බොන මිනිස්සු නෙ උන්ටත් සල්ලි එපායැ..)SmileyCentral.com
මීට අමතරව eBay ගණුදෙණුවක දී buyer හා seller අතර ගණුදෙණුව මුද්ල් ඒකක දෙකක් අතර සිදුවන්නක් නම් එවිට eBay මගින් ද තවත් මුදලක් අය කර ගනී..( .මෙය හරි කෙලියක් යැ ...එවිට අපිට ඉතිරි වන්නෙ අහවල් එකද..?)
අහෝ...වසර දෙදහස් දෙකේ ඔක්තොම්බර් මස 3 වන දින....eBay , paypalට , හිමිකාර කම කීවේය. Paypal ප්රධාන ශාඛාව Sen Jose, California, United states යන ප්රදෙශයේ ඇති අතර..උප ප්රධාන ආයතන ලෙස Omaha, Nebraska; Scottsdale, Arizona සහ Austin, Texas ,chennai, Dublin , Kleinmachnow (near Berlin) සහ Tel-Aviv යන ඒ වා අයත්ය.
2010 මාර්තු 17 වන දින , paypal චීනයේ China UnionPay (CUP)සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරන ලදී.ඒ චීන ජාතිකයන්ට paypal වල ඇති නැඹුරුව වැඩි කරනු වස් ය.
වසර 2010 අවසානයේ paypal ගේ අදිටන ආසියානු කාර්ය මණ්ඩලය 2000 දක්වා වැඩි දියුණු කිරීමය.
එ මෙන්ම 2009 දෙසැම්බර් 4 වන දින paypal ගණුදෙණු සේවාව කඩාකප්පල් වූ අතර ,එය wikileaks වෙබ් අඩවියෙ ගිණුම් පද්ධතිය අත්හිටුවීම නිසා සිදු වූවක් බව අනාවරණය විය.ඊට ආසන්නතම හේතුව වන්නේ ඇමරිකානු රහස් හෙළිදරවු කිරීමය.

මට නිදි මතො ....මේ මගුල හින්ද ඔෆිස් යන්නෙත් පරක්කු වෙලා ...මොකො රැ වෙලානෙ...බුදි ය ගන්නෙ....SmileyCentral.com
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

මට කෙල..වූ....paypal -2

ඔන්න මම "මට කෙල..වූ....paypal -1 " න් පස්සෙ මේකට ආවා...ගොඩක් තව ලියන්න තීනව....විකාර ලිය ලිය ඉන්න බැහැ...



මම අර කිව්ව sign up එකෙන් පස්සෙ ඔයාලා හරියට sign up උනානම් පල්ලෙහා ඔය තීනවා වගෙ page එකක් එයි..sandbox sign up complete උනා කියලා... ...පස්සෙ ඔය paypal sand box කියලා image එකක් තීන්නෙ ...ඔක click කරලා paypal sandbox ,home page එකට රි0ගන්නකො….



දැන් member login එකෙන් log වෙලා..ඔයා buyer account එකට අවශ්ය ඔයාගෙ testing account එකට අවශ්ය මුදල දාලා .වැඩිම $ 10000 මතක හැටියට.
පස්සෙ ඔයාට අවශ්ය credit card වර්ගයත් තොරගෙන credit card numbers සහ csv numbers ලබාගෙන ඊට අමතරව paypal ලා දෙන buyer's testing e mail address සහ pasword ලබාගෙන buyer account එකට අවශ්ය සුදුසුකම් සපුරා ගන්න...ඔය විදියටම paypal merchant account එකටත් කරන්න..
දැන් test account link එක click කරලා "Enter Sandbox Test Site" කියන button එකෙන් paypal account site එකට යන්න.....මෙකෙදි ඔය buyer කෙනෙක් නම් paypal ලා දුන්නු buyer testing mail , password details පාවිච්චි කරන්න...පස්සෙ site එකට රිOගගන්න....
ඔය විදියටම paypal merchant account එකටත් කරන්න.
හැබැයි browser එක්කදි tab දෙකක තියාගෙන account දෙකම load karanna එපා.browser වර්ග දෙකක් පවිච්චි කරන්න.(firefox vs opera or IExplorer)account දෙකට මොකද session case නිසා ඔයා හිර වෙන්න පුලුවන්..
තවම මම paypal එකෙ 5% ක් වත් ඉවර නැහැ..මෙහෙම කාරොත් මෙ කපෙදි මෙක ඉවර කරන්නත් බැහැ...
"මට කෙල..වූ....paypal -3 " න් මම coding කරන හැටි කියන්නම්....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

මට කෙල..වූ....paypal -1

මෙහෙමයි ....මම job එකට ගිය අලුත වගෙ තමයි මේ seen එක.....ගිහිල්ලා මාසයක් විතර ඇති ඔ..නනම්...
ඇරත් ගියේ trainee web developer විදියට....
මට අපෙ boss කිව්වා..එයලගෙ client කෙනෙක්ගෙ site එකට paypal payment gateway එක integrate කරලා දෙන්න කියලා...
මම ඔක අහල තිබුනට කරන්නෙ කොහොමද කියලා නම්...දැනගෙන හිටියෙ නැහැ....කොහොම උනත් දුන්නු වැඩෙ කරන්න එපැ..යි....හික්..ස්.
ඔය shopping cart එක තිබුන site එකෙ තිබුනෙ..JetPay කියලා payment gateway එකක්...ගොඩක් රටවල් වලට support කරන්නෙ නැති නිසාත්..transactions පරක්කු වෙන නිසාත්...තමයි...මට paypal දාන්න කිව්වෙ....

කොහොම උනත් paypal ලුත් සිරි ලOකාවට support කරන්නෙ නැහැනෙ....
එක පිටරට site එකක් නිසා ලොකු effect එකක් නොවෙන වග තමයි ...බොස් කිව්වෙ....එහෙනම් ඉතින් මට මොකො කියලා...මමත් පටන් ගත්තා paypal selfstudiයක් දාන්න.

යන්තo සන්තo.... E book දෙක තුනකුත් කියවලා ....paypal site එක වටෙ තුන් හතර පාරක් ගිහිල්ලා google search පාරකුත් දාලා...තව forum කීපයකුත් කියවලා වැඩෙට enter උනා
දැන් අහන්නෙපා වටෙ ගියෙ ඇයි කියලා ....
(මොකද මට paypal merchant account එකක් වත් paypal buyer account එකක් වත් ....මොන මළ දානයක් වත් තිබුනෙ නැති නිසා .....)
මොකද මේ දෙකෙන් එකක් වත් තියෙන්න ඔන paypal site එකට රිoග ගන්න..මෙ මොනවත් නැති නිසා මට එපා වෙලා හිටියෙ.....මගුල ....

කොහොම උනත් paypal ලා දෙනවා testing environment එකක් අපි වගෙ developers ලට testing transactions කරන්න....මේකත් හරියට paypal real site එක වගෙම තමයි..(පුන්චි පුන්චි වෙනස්කම් නැතුවම නෙවේ...හි:)
paypal sandbox කියන්නෙ ඔ..කට තමයි..
මෙන්න link එක ඔක්කොටම ඉස්සෙල්ලා sign up වෙන්න ..නැත්නම් මොන රෙද්දක් වත් කොරන්න බැහැ...
https://developer.paypal.com/devscr?cmd=_signup-run
link එක දැක්කහම මොනවත් හිතුනෙ නැද්ද..?(https :)නෙ
http සහ https අතරෙ ලොකු වෙනසක් තීනවා..පස්සෙ post එකක ඒකත් දාන්නම්කො....
ඊට කලින් testing කරන්න buyer එකටයි merchent එකටයි mail දෙකක් හදා ගන්න..(google or yahoo) මොකද mail adresses ඔන login වෙන්න....
පස්සෙ තමන්ගෙ කියලා merchant account එකකුයි ...buyer account එකකුයි...හදා ගන්න...
ඔකෙ තීනවා testing visa/master card/american express card හදාගන්න හැටි.testing credit card numbers එයලා දෙනවා ...අපිට use කරන්න...
හැබැයි real paypal site එකෙ මෙවා use කරන්න එපා..e mail addresses block කරාවි....හොදෙ...

තව තීනවා " මට කෙල..වූ....paypal part 2 " එකෙන් එවා කියන්නම්....

මෙන්න paypal හොද E book ටිකක් බාගෙනම කියවන්නකො...
බා නව නම් පොතක්
තව පොතක්
ඇයි තව පොතක්



මට කෙල..වූ....paypal part 2 න් හමු වෙමු ...
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz