php ගෙ ගෑනි mysql ද ?

ඇත්තටම php ගෙ ගෑනි mysql ද ? මමත් මෙච්චර කල් හිතාගෙන හිටියෙ එහෙම තමයි.ඒ උනාට php ඔන කෙනෙකුට දෙන එකක්...ඒ කිව්වෙ එය opensource නෙ..ඉතින් php ට තවත් අයව set කරගන්න එක නම් මහලොකු දෙයක් නම් නෙවෙයි...මම දන්න තරමින් php ට mysql ට අමතරව ඉන්න හොඳම wife තමයි postgresql මොකද postgresql ට ඉහල data capacity එකක් තියෙනවා...

mysql හා postgresql අතර සමානකම් ගොඩාක් තියෙනවා..

ඒ අතරින්...

1 . mysql හා postgresql දෙකම opensource.

2 .දෙකම RDBMS(Relational Data Base Management System).

වෙනස් කම් විදියට....

data transactions වලදි වඩාත් වේගවත් mysql තමයි. mysql ට සාපේක්ෂව postgresql ලඟ fetures ගොඩක් වැඩියි.

mysql හා postgresql දෙක install කරන්න යන වෙලාවන් අතර පරතරයත් ගොඩක් වෙනස්. postgresql install කරන්නම පැය 1 1/2 ක් විතර යනවා.( මට නම් එච්චර විතර ගියා හැබැයි PgAdmin # 3 එක්කම ). mysql විනාඩි දෙකයි. හරියට ක්ෂණික නූඩ්ල්ස් වගෙ…

ඒවගෙම තමයි postgresql වල configurations හදල තියෙන්නෙ law memory system ගොඩ නැගීම උදෙසායි.ඒකෙ තෙරුම එකම data ප්‍රමාණය , mysql වල ඇති capacity එකට වඩා postgresql වල අඩුයි...කියන එකයි.

mysql වල myIsam (mysql වල dafault data store වෙන්නෙ මේ සැකස්මටයි... ). Postgresql වලට වඩා වේගවත් …

postgresql වල data compression වගෙම decompression වන වේගය සාපේක්ෂව mysql ට වඩා වැඩියි.ඒ වගේම ඒ සඳහා යොද ගන්නා ඉඩ ප්‍රමාණය ගොඩක් අඩුයි.එයට යොදවන I/O එකත් අඩුයි.ඒකෙ තේරුම postgresql වල data read කිරීම වේගවත් කියන එකම තමයි.

ඒ වගෙම තමයි mysql වල 5.1 වගේ version වල ඇති ඔය MyIsam හ Innodb වගේ storage engine, on-the-fly compression (තනි තනි file compress වී download වීම )වලට support කරේ නැතත් , mysql 6.0 වලින් පස්සෙ Falcon storage engine එක on-the-fly compression වලට support කරා.නමුත් oracle මඟින් mysql මිලට ගත් නිසා ඒ වැඩෙත් නැවතුනා.

ඒ වගේම තමයි mysql වල index compression එක ගොඩක් වැදගත් disk space අඩු කරන්නත්, speed වැඩි කරන්නත්. ඒ සඳහා " PACK KYES " option එක භාවිතා කල හැකියි..

ඒ වගේම MyIsam data fomat එකෙ ඇති table "myIsam pack" මඟින් තවත් compression කල හකි වුවත් ඒවා ඇත්තෙ read only ලෙසටය....

mysql මඟින් network protocol level, compression කිරීම ද සිදු කරන අතර server මඟින් එම හැකියව turn on කර ඇතිවිට පමණක් client ට මෙම පහසුකම ලබා ගත හැක .

Innodb හා MyIsam වලට අමතරව “ARCHIVE” නමින් storage engine එකක් mysql වලට ඇති අතර එය read once write many ගනයේ storage එන්ජිමකි. 90% දක්ව දත්ත compress කල හැකි අතර එය index වලට support නොකරයි.



SmileyCentral.com

කියවන කොට ම්ළ තමයි....සොරි හොඳෙ......මම හිතන්නෙ ඔයාලට මේක ටිකක් වැදගත් වෙයි ...අඩුපාඩු කියල comment එකක් දාන්න හොඳෙ.......


SmileyCentral.com



  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

2 කොමෙන්ටු:

හිස් අහස said...

මටනම් "php mysql ඉගනගන්න ආසයි ඒත් අමාරුයි කීපවතාවක්ම උත්සාහ කලා පස්සේ අතඇරියා
බලමු ඔයාගෙන්වත් ඉගනගන්න

chandana3k said...

මම නම් හිතන්නෙ ඔය ඩෙකම සමනයි කියලා. ඒත් MYSQL වලට තියෙනව ගොඩක් වෙනස් Table types එව ගොඩක් support කරනවා transactions and foreign keys and are compliant with ACID. කොහොම උනත් මෙ Table වල සමහර configurations ගොඩක් complex. මන් හිතන්නෙ ගොඩක් Web developers or programmers මෙ additional table types use කරන්නෙ නහ.

තව ගොඩක් පස්සෙ ලියන්නම්.................