හිතේ ඇඳුනු පද වැල්....-1

මගෙ සිත් බැදි සිතිවිලි අහස් කුසට මුසු කරන්න මම තොරාගත් තැන් කිහිපයක්ම තියෙනවා...
එළිමහනෙ අව් සැර විදිමින් උණවටුනා වෙරළ තීරයෙ හරි.. ගාළු කොටු පවුර අසබඩ Lady sea bath එක හරි එකට හොද තො තැන්නක්.......හැබැයි එහෙම යන්නෙ යාලුවෙක් දෙන්නෙක් set වෙච්ච වෙලාවට තමයි.මොකද මූදු හුල0 එක්ක shot එක double වෙලානෙ වදින්නෙ.....ඔය කාමර ඇතුලෙ දොරවල් වහගෙන shot එක දානවට වඩා ....ඔය වගෙ තැනක ඔය වැඩෙ කරන්න පුලුවන්නම්......ඇත්තටම මාරම මාර fun.
එ වගේම තමයි...හවස් වරුවෙ ගොම්මන වැටුනහම ගාළු සමුදුර පියවරත් එකට කියපු pot එකක් තමයි. මුදු ඉමෙ ගිලා බහින්න වෙර තනන ඉර දිහා බලගෙන..තනියෙන් දාගන්නකොට …..
තමන්ගෙ හිතට එන සිතිවිලි වලට උත්තර දෙන්න , එන සිතිවිලි බිදින්න යාලුවෙක් නැති උනාම...වක්කඩ කැඩුවා...වගෙ....අතීත සිතිවිලි කරපු කියපු දැ ඔක්කොම මතක් වෙනවා...
මට නම් එ දවසට ඔලුවට පුදුම සනීපයක් දැනෙන්නෙ......
මගෙ ප්රශ්න වලට උත්තර දෙන්න කවුරුවත් නැති උනාම අන්තිමෙ මමම එවට උත්තර හොයාගෙන.....මගෙ බයිසිකල් කටුවත් පැදගෙන රැ හඳ දිහා බලා ගෙනම ගෙදර එනවා............
ඔන්න ඔහොමයි මගෙ ලොකෙ සමහර දවස්....
ඔහොම ගිහින් ආපු දවසක රැ තමයි මම මේ කවිය ලිව්වෙ....


තනිකම අදුර දුරුකර සිත් ගිමන් හලේ......
පෙන පිඩු දැවටි දැවටී සිත් පහන් කලේ....
සති අග හමට ගොස් නුඹ ලඟ නිරන්තරේ.....
දැවටී සිටින්නෙ කිමදැයි මට නොහැඟේ.....

සමුදුර පියවරෙ රැ ගොම්මන් අදුරේ.....
බීර පහස තොල් අග රැඳෙමින් නිබඳේ......
හිත් තුල හැඟුම් දියකර රැළි කැටි අතරේ.......
විඳිනෙමි පහස මා තනියම නිරන්තරේ……

දැනෙනවා ජීවිතේ විඳි කම් කටොළු ගැන.....
දහසක් පැතුම් සිත ඇතුලේ… ගිගුම් දෙන....
සයුරු රළට පවසා.... සිත සිහිල් කර....
ආපසු හැරෙමි සිත සතුටෙන් නිරන්තර....
SmileyCentral.com
SmileyCentral.com
කවිය හොඳද නරකද කියලා නම් දන්නෙ නැහැ.....ඔයලම කියන්නකො හොඳද නරකද කියලා
comment එකක් දාලම ....
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

5 කොමෙන්ටු:

hasaranga071 said...

එල මචන්...උබ ගන්න fun දන්නේ අපිනේ....

හිස් අහස said...

කොල්ලෝ මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්න නැත්නම් මේක කියවන අය කමෙන්ට් ලියන එකක් නෑ ...

අනුරාධ said...

මරු මචන්. මොනවා උනත් ධනාත්මක කවියක්. මොකද අන්තිමට ඉව‍ර වෙන්නෙ

"සයුරු රළට පවසා.... සිත සිහිල් කර....
ආපසු හැරෙමි සිත සතුටෙන් නිරන්තර...."

කියලා. ඒකම ලොකු දෙයක්. ඔය බයිසිකල් කට්ට අපේ ගෙවල් පැත්තට හ‍රවපන් වීක් එන්ඩ් එකක් බලලා. :D

සම්පත් said...

@හසරන්ග071--:හ්ම් හ්ම්...එත් උඹටත් කියල තියෙන්නෙ බාගයක් විතර තමයි...ඇත්තටම මම ගන්න fun දන්නෙ මම විතරයි..හී.

@හිස් අහස :තෑන්ක්ස් කොල්ලො මම බ්ලොග් කළාවට ආධුනිකයෙක්නෙ...ඔයලගෙ උපදෙස් හරි වටිනවා..මම වැරැද්ද නිවැරදි කලා..

මේකෙ delete කරපු comment එකෙ තියෙන්නෙ...මගෙ කබර seen එකක්...මගෙ යලුවෙක් දාලා තිබ්බෙ..ලැජ්ජයි වගෙ හිතුන නිස උගෙන් අහල delete කලා...

@අනුරාධ :ඔව් බන් මගෙ වරද ..උඹ අපෙ ගෙදර දවස් දෙකක් ආවා...මටනෙ එන්න බැරි උනෙ...අනිවා මම එන්නම්....උඹෙ film එකක character එකකුත් දියන්...හී හී ...මගෙ පුටාර් එකෙන් එන්නා ගියහ්ම *ක ඉරෙනව බන්...එකයි එන්නෙ නැත්තෙ...අමතක වෙල නෙවේ...

සුදර්ශන බංඩාර හේරත් said...

මම බැලුවා මගෙ බ්ලොග් එකේ මෙච්චර කමෙන්ට් දාල තියෙන්නෙ කවුද කියලා.. බලාගෙන ගියාම මූත් එළ කකුලක්.. මේ දවස්වල හරි බිසී... නිවාඩු පාඩුවේ වෙලාවක වර්චුවල් සෙට් වෙමුකෝ...එල එල ඔහොම යන්..