අනෙ පෙට්ටය කැඩුනා අයියෙ.....

මේක නම් ඔන්න 18 න් ඉහළ එවුන්ට විතරයි...ඔන්....පස්සෙ කියන්නෙපා...චික්...‍‍යීයා කියලා...
හොදේ....හික්..ස්..

මේක උනෙත්..පාමසියෙදිම...තමා....
මේක නම් කොලඹ පාමසියෙදි නෙමෙ....සීන් එක උනෙ ගාල්ලෙ පාමසියෙදි....මොකො මමත් ගාල්ලෙ..කොල්ලෙක් නොවැ..
අපෙ මුතුන් මිත්තො..."වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කිව්වෙ කට කහනවට....නෙවෙයි..නෙ..

දවසක් පාමසියෙ යමරෙට වැඩ වෙලාවක...එ කියන්නෙ හවස 6.00 ට 7.00 ට විතර...
අය්යයි මමයි තරගෙට බෙහෙත් තුන්ඩු දානවා..ඔන්න මට පේනවා..කොල්ලො දෙන්නෙක් අරෙහෙන් එබෙනවා...එහෙන් එබෙනවා...මෙහෙන් එබෙනවා...උන් දෙන්නත් පුන්චි යුද්දයක් එතන...
හැබැයි...මට තෙරුනා...මුන් හොයන්නෙ අයියා නෙමෙ...මාව....
මට නම් ටාo..ගාලා තෙරුනා...මුන් දෙන්නා..එන්නෙ හොදකට නෙමෙ...කියලා...
මමත් හීන් සීරුවෙ ලගට ගිහින් ඇහුවා...

මම : මොකො...මචන්...
අරුන් : ම්ම් ..මෙ ..මෙ...නැ අයියෙ..කොන්ඩම් එකක් ගන්න පුලුවන්ද ..?
මම : හ්ම්ම් ඔව් දෙන්නම් මොකක් ද ඔන...ප්‍රීති..සතුට ...
(මුන් දෙන්නා මුනට මුන බලගෙන ඉන්නෙ මොකක් ගන්නද කියල හිත ගන්න බැරුවයි..)

මම : මල්ලි කියන්න මල්ලි අපිට පරක්කු වෙනවා...

අරුන් : ඔන්න හොද එකක් දෙන්න අය්යෙ...

ඔන්න ඉතින් මම මුන් දෙන්නාට කොන්ඩම් එකක් දුන්නා..
ඔන්න ඉතින් මුන් දෙන්නා එතනින් ගියෙ..හරියට කුඩවකින්...නිදහස් කරපු කුරුල්ලු දෙන්නෙක් වගෙ....මාරම
මාර හැපි එකෙ ....ලොකෙ ලොකුම වස්තුව උන් දෙන්නාට ලැබුනා වගෙ....හික්ස්..

(ඔන්න ඔහොම සතියක් විතර ගියා....කියමුකො...)

ඔන්න මේ වාහෙලා ....දෙන්නා ආයෙම පාමසියට එනවා....මමත් ඩිම් උනා...දෙයියනෙ....මුන්ට මේක ඇබ්බැහි වෙලාද කියල..
හැබයි අද නම් හිනා මූන නැහැ ..ටිකක් විතර dangerous වගේ...

මමත් ඇහුවා...
මම : අද මොකො මල්ලි ....
අරුන් :අයියෙ මාර case එකනෙ....ඇතුලෙ ලීක් උනානෙ...
මම :මොකක්...ඉතින් එකනෙ බන් ..උඹලට කොන්ඩම් දුන්නෙ...
අරුන් :මාර වැඩෙ අයියෙ ..එක හිල් වෙලනෙ...
"මෙ බුරුවන්ගෙ විසෙට එකත් හිල් කරගෙන...මුන්ට වෙනම compounds දාලා..අමුතු ජතියෙ එකක් තමයි හදන්න වෙන්නෙ...." මම මටම කියා ගත්තා...
මම : දැන් මොනව කරන්නද ....දැන් කරන්න දෙයක් නැහැ මල්ලි...
(මමත් බොරුවට කිව්වා..මුන් දෙන්න බය කරන්න...ඒත්..අනෙ මුන් දෙන්නට දාපු දාඩිය පොල්ල දැකලා මටත් දුක හිතුනා... )
අරුන් :අනෙ අය්යෙ මුකුත්ම නැද්ද ...මගෙ කෙල්ල ...අය්යෙ ....
(අප්පට සිරි මුගෙ කෙල්ලලු....දැන් නම් මොනව හරි කරන්නම එපායැ...)
මම : හ්ම් කමක් නැහැ...මේක ගනින් ....
(මමත් බොරුවට හොයන්න වගෙ...බෙහෙත් ගොඩ අවුස්සල අවුස්සල..postinor එකක් දුන්නා..)..
අරුන් :අනෙ thanks අය්යෙ..පින් සිද්ද වෙ..නො.. කරපු උදව්වට..
මම : හා හා ඉතින් පොඩ්ඩක් හිටපන් ...මම කිව්වෙ නැහැනෙ ඔක ගන්න විදිය..
අරුන් : හා ඒකත් ඇත්තනෙ...
මම : මෙහෙමයි මල්ලි ..දන් ඔය සීන් එක වෙලා දවස් කීයද..?
අරුන් : ඊයෙ අයියෙ...
මම : හ්ම්ම් ...එහෙනම් අදට දවස් දෙකයි නෙ වාහෙ..
අරුන් : ඔව් අය්යෙ ...
(තොපිලනම් ගොන් නපුන්සකයො...වල් වැඩ කරනව මදිවට ..කෙල්ලොත් අනාත කරනවා....මම මටම කිය ගත්ත...)
මම : අදම ගිහින් දියන් මේක..එක පෙත්තක් බොන්න දීපන්...ඊට හරියටම පැය 12 කට පස්සෙ අනිත් පෙත්ත ගන්න කියපන්..ඔක හරිනම් දවස් තුනක් වෙන්න කලින් බොන්න ඔන...ඔලුවෙ කකුම හැදෙයි...පොඩ්ඩක් ...සමහරවිට ඔක්කාරෙට එයි ....මෙ pain killers දෙකත් බොන්න කියපන්...

මට සල්ලි ගෙවල උන් දෙන්න නම් ගියා....

පව් අහින්සක අම්මල තාත්තල..දාඩිය මහන්සියෙන් හොයන සල්ලි වලින්නෙ මුන් ආතල් ගන්නෙ...නරුමයො...ඔය වගෙ කෙල්ලොත් එකඉ කොල්ලොත් එකයි....

මම මෙ post එක ලියන්නෙ හොදට හිතල බලලා...
මුන් නරුමයො උනාට මුන්ගෙ අම්මල තාත්තල අහින්සක මිනිස්සුනෙ....එ අයගෙ මුනෙ දැලි ගනව කියන්නෙ මහා පාප කර්මයක්නෙ...ගමේ මිනිස්සු මොනවා නොකියයි ද ... ? මහ මිනිස්සු දෙන්නට වහ බොන්නයි වෙන්නෙ මේ වගෙ කෙල්ලො නිසා...


ප :ලි :: මෙ drugs එක තමයි levonorgestrel කියන්නෙ. pills(පෙති) 2 ක් තියනවා. එක මාත්‍රාවක(dose) levonorgestrel 1.5 mg අඩ0ගු වෙනවා.emergency contraception drug එකක් (හදිසි උපත් පාලක)

කියවලා සතුටු නම් comment එකක් දාන්න..ඔය වගෙ අමාරුවෙ වැටිච්ච එකෙක් බේරන්න , මේක ඔයලට උදව් වේවි.කොරන්න දෙයක් නැහැ ලි0ගිකත්වය කියන්නෙ ස්වබාවික ස0සිද්දියක් නොවැ ...හී :
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

4 කොමෙන්ටු:

Anonymous said...

ඕවා හරියට කරන්න දන් නැත්නම් නොකර ඉන්න එපැයි බන්. අනික ඉස්කෝලෙ යන වයසෙ උන්ද දන්නෙත් නෑනෙ..... ගෑනු දැන ගන්න ඕන තමන්ගෙ චරිතෙ කෙලෙසගන්න නැතුව ඉන්න. මැරි කරන්න ඉන්න කෙනාද දන්නෙත් නෑ ඉතින්.... මොනා උනත් ඔය ආපු කියන එකාට හොද යාලුවෙක්නම් ඉන්නව වගෙ නේද......?මටත් ඉන්නව බං ඔය වගෙ බොක්කක් ආයෙ ඉතින් ඕනම දේකට සෙට් වෙන.....

Anonymous said...

mata nam echcharama sathutak nehe...

අනුරාධ said...

ඔයින් පෙත්තක් ලොකු ගානක් වෙනවද බන් :D

සම්පත් said...

@Anonymous_1 : ඔව් ඔව් මමත් ඔයාට එකඟයි..හැම කෙනෙක්ටම තමන්ගෙ ප්‍රශ්න කියන්න.යාලුවෙක් ඉන්න් ඔනෙ..හිතෙ තියන් හිටියොත් මානසික වදයක්..

@Anonymous_2 : යාලුවෙ...ඔයට සතුටක් නැති උනාට කමක් නැහැ..හැබැයි දුක් වෙන්න එපා..බ්ලොග් කියවලා..මම බ්ලොග් ලියන්නෙ මානසික වින්දනය උදෙසා....

@අනුරාධ : නෑ මචො ..රු 120 ක් විතර වෙන්නෙ..නම postinor ..මෙවා ඔන එකෙකුට දෙනවා මචන්...